කතුන් දෙදෙනෙකු දෙපාරකට කාමරයට අරන් ගිය හැටපස් හැවිරිදි සීයාට අන්තිමට වෙච්ච දේ

  

ලැගුම්හලකදී හැටපස් හැවිරිදි පුද්ගලයකුගේ රන් භාණ්ඩ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු පිළිබදව තොරතුරු වාර්තා වෙනවා.


හැටපස් හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේදී හමු වූ කාන්තාවක් සමග මොරටුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් තිබෙනවා.

එම පුද්ගලයා නාන කාමරය තුළට ගිය අවස්ථාවේදී කාන්තාව රු.40,000ක මුදලක්, ජංගම දුරකථනය සහ ඔහුගේ රන්මාලයක් රැගෙන පළාගොස් ඇති බව සදහන්.

පසුව මෙම පුද්ගලයා ලැගුම්හලෙන් බැහැරට විත් එම කාන්තාව ගැන සොයාබැලීමට යෑමේදී තවත් කාන්තාවක් ඔහුට මුණගැසී තිබේ.

පසුව ඔහු එම කාන්තාවත් රැගෙන නැවතත් ලැගුම්හල වෙත ගොස් ඇති අතර, ඔහුට නින්ද යෑමෙන් පසුව එම කාන්තාවද ඔහුගේ අර අත් පළඳනාව සොරාගෙන පළාගොස් ඇත.

සොරාගත් එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දොළහකට අධික බව සදහන්.

Post a Comment (0)
Previous Post Next Post