අද දවසේ ගමන් බිමන් යන අයට වගේම ගෙදර ඉන්න අයටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
මේ දවස්වල තියෙන දැඩි රස්නය අස්සේ අද හවස ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවලු.
විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වලට වගේම වවුනියාව, කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවල ඉන්න අයට තමයි මේ අනතුරු ඇඟවීම වැඩියෙන්ම අදාළ වෙන්නේ.
මේ නිවේදනය අද රාත්‍රී 11 වන තෙක් වලංගුයි. ගිගුරුම් සහිත වැසි ඇති වෙනකොට ඒ එක්කම තාවකාලිකව තද සුළං ඇති වෙන්නත් පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ නිසා ගස් යට ඉන්න එක, එළිමහනේ වැඩ කරන එක මේ වෙලාවට ටිකක් අවදානම් වෙන්න පුළුවන්.
අකුණු ගහන වෙලාවට විදුලි උපකරණ පාවිච්චියෙන් වැළකී ඉන්න. එළිමහනේ හෝ ගස් යට රැඳී සිටීමෙන් වළකින්න. හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථානයක් කරා යොමු වෙන්න.