හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි ! 29 ක් ජිවිතයෙන් සමු ගනී..... අද වාර්තා වූ සංවේදී පුවත

 

රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් ක්‍රිමියානු අර්ධද්වීපය ආසන්නයේදී අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 



ගුවන් යානය අහසේ ගමන් කරමින් තිබියදී හදිසියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් මෙම කඩා වැටීමට හේතු වී ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.


මෙම අනතුරින් යානයේ ගමන් කළ පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකුද සිටින බව තහවුරු කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ යානය අඩි දහස් ගණනක් ඉහළින් තිබී ඇති අතර, බිමට පතිත වීමත් සමඟම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.


රුසියානු බලධාරීන් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙය සැබවින්ම තාක්ෂණික දෝෂයක්ද නැතිනම් පිටස්තර බලපෑමක්ද යන්න පිළිබඳව ලොව පුරා විවිධ මත පළවෙමින් පවතිනවා.

Post a Comment (0)
Previous Post Next Post