කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාවට අද සහ හෙට දවස ටිකක් අමාරු වෙන ලකුණු පහළ වෙලා තියෙනවා.
ඒ කෙත්හේන සිට කළුතර දක්වා ජලය සපයන ප්‍රධාන මාර්ගයේ සිදුවුණු හදිසි බිඳවැටීමක් නිසයි. ජලය කැපෙන ප්‍රදේශ මෙන්න. ඔබත් මේ ප්‍රදේශවල පදිංචිකරුවෙක් නම් දැන්ම සූදානම් වෙන්න.
වස්කඩුව සහ මොල්ලිගොඩ
මොරන්තුඩුව
කළුතර උතුර සහ කළුතර දකුණ
කටුකුරුන්ද සහ නාගොඩ
බෝම්බුවෙල
ජල සම්පාදන මණ්ඩලය පවසන විදිහට මේ හදිසි බිඳවැටීම හරිගස්සලා ආයෙත් වතුර දෙන්න වෙන්නේ හෙට (16) උදෑසන 10.00 ට විතරයි. ඒ කියන්නේ හෙට උදේ වැඩ කටයුතු වලටත් මේකෙන් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.
මේ ගැන තව විස්තර දැනගන්න හෝ ඔබේ ගැටලු කියන්න ජල සම්පාදන මණ්ඩලයේ 1939 කියන කෙටි දුරකථන අංකය අමතන්න පුළුවන්.