කප්පාදුවක් සිදුවේවිද..? ඉදිරියේදී ලැබෙන විදුලිය ගැනත් ඉඟියක්..

  

ලෝකය මේ වන විට සිටින්නේ අර්බුදකාරී තත්වයකයි. ඒ අතරතුර මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..? 



පවතින ඉන්ධන අර්බුදය හමුවේ වුවද මෙතෙක් විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර නොමැති නමුත්, ඉදිරියේදී එවැනි පියවරක් ගැනීමට සිදුවීමේ හැකියාවක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.


අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ විදුලි කප්පාදුවක් සිදුවීමේ හැකියාව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.


"අපි දැනට එක පැයක්වත් විදුලිය විසන්ධි නොකර සැපයුම පවත්වාගෙන යනවා. කෙසේ වෙතත්, අපට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවන කාලයක් පැමිණිය හැකියි." යනුවෙනුයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.

Post a Comment (0)
Previous Post Next Post