හිටපු ප්‍රබල ක්‍රිකට් නායකයකුගේ පියෙක් ජිවිත ගමනින් සමු ගනී.... ක්‍රිකට් ලොවටම සංවේදී පුවතක්

  

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ කුමාර් සංගක්කාරගේ ආදරණීය පියා වන, ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.


මහනුවර ප්‍රදේශයේ අතිශය කීර්තිමත් නීතිඥවරයෙකු වූ ඒ මහතා, නීති ක්ෂේත්‍රය තුළ මෙන්ම සිවිල් සමාජය තුළ ද ඉමහත් ගෞරවයකට පාත්‍ර වූ චරිතයක්. කුමාර් සංගක්කාර වැනි ලෝක පූජිත ක්‍රීඩකයෙකු රටට දායාද කිරීමට ඔහු පියෙකු ලෙස දුන් මගපෙන්වීම ගැන මුළු රටම නිරන්තරයෙන් කතාබහට ලක් කළා.

එස්. කේ. සංගක්කාර මහතාගේ අභාවයත් සමඟ මහනුවර ප්‍රදේශයේ මෙන්ම ක්‍රිකට් ලෝකයේ ද පිරිසක් දැඩි කම්පනයට පත්ව සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (මාර්තු 04 වනදා) පස්වරු 6.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ.
Post a Comment (0)
Previous Post Next Post