කොළඹ හෙට සහ අනිද්දා විශේෂ රථවාහන සැලැස්මක් - හේතුව මෙන්න

 

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධ ක්‍රිෂ්ණන් මහතා මෙරට නිල සංචාරයක නිරත වීම හේතුවෙන් හෙට (19) සහ අනිද්දා (20) දෙදින තුළ කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇත.


උප ජනාධිපතිවරයා හෙට (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළඟාවන අතර එතැන් සිට ඔහු ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිතව තිබේ.


පොලිසිය සදහන් කළේ ඒ අනුව එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බවයි , ඉන් අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා එම හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය සදහන් කර තිබේ.


ඒ වගේම අනිද්දා දිනයේ ද ඉන්දීය උප ජනාධිපතිවරයා රැගත් ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා මාර්ග ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය


රථවාහන by ashfa

Post a Comment (0)
Previous Post Next Post