උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්!

  

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.




ඒ අනුව මෙම විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය අද (24) යෙදී ඇති බවයි වාර්තා වන්නේ.


අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසුව මාර්ගගත (Online) පද්ධතිය හරහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඉන් පසුව කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර නොගන්නා බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ...


ඔබට මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ විමසීමක් පවතින්නේ නම් පහත සඳහන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල හරහා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකියි.


දුරකථන අංක: 011 2785922 / 011 2784208 / 011 2784537

ෆැක්ස් අංකය: 011 2784422

විද්‍යුත් තැපෑල: gcealexamsl@gmail.com


එබැවින් මෙතෙක් අයදුම්පත් යොමු නොකළ සිසුන් වේ නම් හෙට මධ්‍යම රාත්‍රියට පෙර තම අයදුම්පත් යොමු කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

Post a Comment (0)
Previous Post Next Post