ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (08) පෙර නොවූ විරූ අයුරින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආයෝජකයින්ගේ අවධානය නැවතත් සුරක්ෂිත ආයෝජනයක් ලෙස සැලකෙන රන් ඇතුළු වටිනා ලෝහ වෙත යොමු වී තිබේ.
ඒ අනුව, අද දිනය තුළ රන් මිල 2.3% කින් ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,811.66 ක් ලෙස සටහන් විය.
රන් මිලට සාපේක්ෂව රිදී මිලෙහි ද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, එය 4.3% කින් ඉහළ ගොස් ඩොලර් 76.08 ක් දක්වා වැඩි වී තිබේ. මීට අමතරව ප්ලැටිනම් සහ පැලේඩියම් යන ලෝහවල මිල ගණන් ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.