අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 4,765කි.
5 Kg ගෑස් සිලින්ඩරයක් රු. 308 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වනුයේ රුපියල් 1910 ක් ලෙසයි.
එමෙන්ම 2.3 Kg ගෑස් සිලින්ඩයක් රු. 140 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වූයේ රුපියල් 890 ක් ලෙසයි.
