දෙමාපියන්ට සහ සිසුන්ට විශේෂ පණිවිඩයක්...

  

දෙනියාය අධ්‍යාපන කලාපයේ පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය නිසා තාවකාලිකව වසා දමපු පාසල් හෙට (මැයි 13) ඉඳන් ආයෙත් විවෘත කරන්න තීරණය කරලා තියෙනවා.



දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා තමයි මේ බව තහවුරු කළේ.


මුලින් සැලසුම් කරලා තිබුණේ අද (මැයි 12) ඉඳන් පාසල් ආරම්භ කරන්න වුණත්, දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා ඒක හෙට දක්වා කල් දාලා තියෙනවා. මේ දවස් දෙකේම (මැයි 11 සහ 12) පාසල් පරිශ්‍රයන් පිරිසිදු කරලා විෂබීජහරණය කරන්න පියවර ගත්ත නිසා හෙට ඉඳන් බය නැතුව දරුවන්ට ඉස්කෝලේ යන්න පුළුවන්.


පොඩි දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා, දැනට නිවාඩු දීලා තියෙන පෙර පාසල් නම් මේ සතිය පුරාම වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ නිසා පෙර පාසල් දරුවන් ඉන්න දෙමාපියන් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.


විෂබීජහරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතුවලට උදව් කරන්න පුළුවන් ස්වේච්ඡා කණ්ඩායම් හෝ ආයතන ඉන්නවා නම්, දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය එක්ක සම්බන්ධ වෙන්න කියලා බලධාරීන් ඉල්ලීමක් කරනවා.

Post a Comment (0)
Previous Post Next Post