දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්


පොලිස් නිළධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලිස් නිළධාරියෙක් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි .

අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි . . දෙපිරිසක් අතර ආරවුලක් පවතින බවට 119 ඔස්සේ ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් කු එම ප්‍රදේශයට ගොස් සිටියදී සැකකරු යකඩ පොල්ලක් රැගෙන නිළධාරීන්ට පහරදීමට උත්සහ කර ඇති බවත් , එහිදී එක් නිළධාරියෙකු අතරැදී රිවෝල්වරයකින් උණ්ඩයක් වෙඩි තබා ඇති බව සදහන් වේ.

ආරවුලද පාලනය කල පොලිස් නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.

අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වති .

Post a Comment (0)
Previous Post Next Post