පසුගිය මාස තුනක කාලය තුලක කාලය තුල භූ කම්පන වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් සුනාමි තත්වයකට මුහුණදීම සඳහා සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වන දින කටයුතු සූදානම් කර ඇති බවව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසනවා .
ඒ මහතා ඒ බව පැවසුවේ සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලිසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් සමඟ පෙරසූදානම පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින්.
05 වනදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබනවා .
සුනාමියකට සූදානම් රටක් ලෙස ලංකාව සූදානම් කිරීමට කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 04 ප්‍රධාන කරගෙන අනෙකුත් දිස්ත්‍රික්කද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබන බවයි සඳහන් වන්නේ .