බස් රථයක් තුළ මගීන් 20ක් පිළිස්සී ජීවිතක්ෂයට.!

 

ඊයේ (ඔක්තෝබර් 14) බටහිර ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ අදිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මගී බස් රථයක හදිසියේ ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 50 කට අධික සංඛ්‍යාවක් සිට ඇති බව තොරතුරු වාර්තා වෙයි.

ගින්නට හසුවීමෙන් බස් රථය තුළදී මගීන් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි තවත් අයෙකු ජෝද්පූර්හි රෝහලක් වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

Post a Comment (0)
Previous Post Next Post