තම ස්වාමි පුරුෂයා මිය ගොස් අවුරුදු 11 කට පසුව තමන් දරු උපතකට ලක් වූ බවක් ගැහැණු කෙනෙක් පවසන ආකාරය වීඩියෝවක් සමාජ ජාලයේ ව්‍යාප්ත වී ඇත.
සැමියා මියගිය පසු තමන්ට සිහිනයෙන් පෙනුන බවත් ඒ හේතුවෙන් තමා ගැබ් ගත් බවත් ඇය තරයේ ප්‍රකාශ කරයි.
මෙම ප්‍රකාශයන් සමග පියාගේ සත්‍ය භාවය තහවුරු කර ගැනීමට DNA පරීක්ෂණයක් ඉල්ලා සිටිමක්ද වාර්තා වේ.
මෙම සිදුවීම විවිධ අයුරින් විග්‍රහ කෙරෙමින් තිබෙන අතර සමාජ ජාලාවල පළ වී ඇති අදහස් වලට අනුව, කිසියම් තාක්ෂණික හෝ වෛද්‍යමය ක්‍රියාවලියක් නොමැතිව මෙලෙස ගැබ් ගැනීමක් සිදුවීම විද්‍යාත්මකව සාධනය කළ නොහැකි බව පෙන්වා දෙයි.
එහෙත්, නිරපේක්ෂව සත්‍යය සෙවීම සඳහා, අදාළ දරුවාට DNA පරීක්ෂණයක් සිදු කිරීම වඩාත් යෝග්‍ය පියවරක් යැයි බහුතරයක අදහස වේ.