මාරක බස් අනතුරක් - 63ක් මරුට


උගන්ඩාවේ අධිවේගී මාර්ගයක සිදුවු බස් රථ දෙකක් එකිනෙක වැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ.

කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ දී මෙම අනතුර සිදුව තිබුණි.

එහිදී බස් රථයක් තවත් බස් රථයක ගැටී අනතුර සිදුව තිබුණේ අනතුර වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදීය.

අනතුරින් බස් රථ දෙකෙහි වූ තවත් මගීන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

Post a Comment (0)
Previous Post Next Post