මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවෙකු හදිසි රෝගී තත්ත්වයක් මත කළු බෝව්ල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පසිඳු දිල්ෂාන් නැමැති තරුණයෙකි.
මොරටුව මුලස්ථාන පොලිසිය සඳහන් කළේ මෙම සිසුවා පෙරේදා (18) සව්ස හදිසියේ රෝගාතුර වීමෙන් පසු රෝහල් ගත කර ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර භාරකරු විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
මියගිය සිසුවාගේ දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා වූ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (19) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
මොරටුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාගේ උපදෙස් මතමෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යයි.