වෙළඳසැලක ඇති වූ ගින්නකින් කුඩා ළමුන් ඇතුළු 23ක් මරුට

 



වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බවය.  


එමෙන්ම මෙම ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.


කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Post a Comment (0)
Previous Post Next Post