පසුගිය 2025 වසරේ පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2026 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන 25 වැනිදා දක්වා පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
අදාළ අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය පූර්ණ වශයෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.