ඔන්න ඉතින් සෑහෙන දවසක් බලන් හිටපු සාමාන්‍ය පෙළ විභාගයේ දින වකවානු දැන් නිල වශයෙන්ම නිවේදනය කරලා තියෙනවා.
මේ පාර විභාගය පෙබරවාරි 17 වැනිදා ආරම්භ වෙලා පෙබරවාරි 26 වැනිදා වෙනකම් දිවයින පුරා මධ්‍යස්ථාන 3545 කදී පැවැත්වෙනවා කියලා තමයි ආරංචිය ලැබෙන්නේ.
ඔයා තවමත් ඉස්කෝලේ යන ශිෂ්‍යයෙක් නම්, ඔයාගේ විභාග ප්‍රවේශ පත්‍රය (Admission) දැනටමත් ඔයාගේ ඉස්කෝලේ අයිති කලාප අධ්‍යාපන කාර්යාලයට යවලා ඉවරයි. ඒ නිසා විදුහල්පතිවරුන්ට පුළුවන් කලාපේ විභාග භාර අංශයෙන් මේවා භාරගන්න.
හැබැයි ඔයා පෞද්ගලික අයදුම්කරුවෙක් (Private Candidate) නම්, ඔයාගේ Admission එක ඔයා දීපු ලිපිනයට තැපෑලෙන් ගෙදරටම එවන්නයි විභාග දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙන්නේ.
ප්‍රවේශ පත්‍රය අතට ගත්ත ගමන් කරන්න ඕන වැදගත්ම දේ තමයි ඒකේ නම, විෂයන් වගේ දේවල් නිවැරදිද කියලා බලන එක. මොකද මොනවා හරි වැරැද්දක් තිබුණොත් ඒක හදාගන්න දෙන්නේ හරිම පොඩි කාලයයි.
පාසල් අයදුම්කරුවන්: විදුහල්පතිතුමා මාර්ගයෙන් www.doenets.lk වෙබ් අඩවියට පිවිසිලා User Name සහ Password දාලා සංශෝධන කරගන්න පුළුවන්.
පෞද්ගලික අයදුම්කරුවන්ට වෙබ් අඩවියට ගිහින් ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා වැරදි හදාගන්න අවස්ථාව දීලා තියෙනවා. මේ හැම සංශෝධනයක්ම පෙබරවාරි 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට කලින් කරලා ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ නම් මොනම හේතුවක් නිසාවත් දින දික් කරන්නේ නැහැ කියලා විභාග දෙපාර්තමේන්තුව තදින්ම කියලා තියෙනවා.
ඔයාට මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහත අංකවලට කතා කරලා විස්තර අහගන්න පුළුවන්:
ක්ෂණික ඇමතුම්: 1911
දුරකථන: 0112784208 / 0112784537
ෆැක්ස්: 0112784422
Email: gceolexamsl@gmail.com