ඔන්න එහෙනම් අපේ පොඩිත්තන්ටයි, ගුරුභවතුන්ටයි ලැබුණු නිවාඩු කාලේ පටන් ගන්නයි යන්නේ!
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් (10) නිමාවට පත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
සැමට සතුටුදායක ආරංචියක් වෙන්නේ අද සිට එළැඹෙන අප්‍රේල් 19 වනදා දක්වාම මේ දීර්ඝ නිවාඩුව ක්‍රියාත්මක වීමයි. ඉතින්, කැවුම් කොකිස් කකා, අවුරුදු සිරිත් විරිත් ඉටු කරමින් නිදහසේ කාලය ගත කරන්න දැන් හැමෝටම අවස්ථාව තියෙනවා.
හැබැයි මතක තියාගන්න, නිවාඩුව ඉවර වෙලා අප්‍රේල් 20 වන සඳුදා දින නැවතත් දෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතයි.