උපාය දුතයෙක් යොදවා අහවර කළ අමුතුම වෙළදාමක් මේක..
රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු 3 ක් සමග සැකකරුවකු කටුගස්තොට, කුඩාරවත්ත හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසනවා.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, උහන, හිමිදුරාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව උපාය දූතයකු මාර්ගයෙන් සැකකරු කටුගස්තොට අවන්හලක් තුළට ගෙන්වා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.