මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ඔවුන් ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාවක්. ඒ ගැන දැනගන්න ඔබත් කැමතියිද?
2025, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වුණු අතර ඊට අපේක්ෂකයින් ලක්ෂ 3 කට වැඩි ගණනක් ඉදිරිපත්ව ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638 ක් පෙනී සිටියා. එසේම දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක්.