පේරාදෙණිය ගැටඹේ නව පාලම අසල මහවැලි ගඟේ දිය කපනාතොට ස්ථානයේ තරුණ කාන්තාවකගේ මළසිරුරක් පාවෙමින් තිබෙන බවට පුද්ගලයෙකු පොලිසියට දැනුම්දී තිබේ.
එම කාන්තාව අද (16) අලුයම් කාලයේ පාලම මතට පැමිණ ඉන් පහළට පැන්නේද යන්න පිළිබදව සැකයක් පවතින බවත්, ඇය රැගෙන ආ බවට සැක කරන බෑගයක් පාලම මත තිබී පොලිස් භාරයට ගෙන ඇති බවත් කියයි.
මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.